තම ධුර කාලය නිමවා යළි සිය රට වෙත යාමට පෙරාතුව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශේඛර් මිශ්‍රා (Lieutenant Colonel Ravi Shekhar Mishra) ඉකුත් අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මෙම සුහද හමුවේදී, නික්මයන සහාකාර ආරක්‍ෂක උපදේශකතුමන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව සහ සුහදතාවය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, එතුමන් ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය තුළ යුද්ධ හමුදාවේ මනා අවබෝධය සහ සහෝදරත්වය පිළිබඳව ස්තූතිය පුද කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීනව පවත්නා සබඳතාවයන් පිළිබඳ සිහිපත් කළ එතුමන් එවැනි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.
මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරුතිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.








