යුද්ධ හමුදා සාමාජිකයින්ට පෝෂදායි ආහාර ලබාදීමේ අරමුණින්, ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2021 වර්ෂය සඳහා අවශ්‍ය බිත්තර ලබාගැනීම සඳහා යුද්ධ හමුදා ගොවිපොලවල් කුකුල් පාලනය ආරම්භ කරන ලදී.
ඒ අනුව, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි ගේ මඟපෙන්වීම යටතේ බිත්තර ලබාගැනීමේ පළමු අදියර මේ වසරේ අගෝස්තු මස පොලොන්නරුව - ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පොදු සේවා බලකායට අයත් ගොවිපලේදී කුකුල් පැටවුන් 25,000 කින් ආරම්භ කරන ලදී. තවද, නුදුරේදී යුද්ධ හමුදා ගොවිපලවල් කිහිපයක් අවරණය වන පරිදි කුකුල් පැටවුන් 100,000 ක් පාලනය කර බිත්තර ලබාගැනීමට සැලසුම් කර ඇත.
ගල්කන්ද යුද්ධ හමුදා ගොවිපලේ පාලනය කරන කුකුලන්ගෙන් ලබාගත් බිත්තර 50,000 ක පළමු තොගය වැලිකන්ද පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස්හී ප්‍රයෝජනය සඳහා ඉන් කොටසක් වෙන් කර ඉතිරි කොටස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත සුභසාධන වෙළඳසැල් හි අලෙවි කිරීම සඳහා බෙදාහරින ලදී.
සුජීවා නෙල්සන් මහත්මිය සභාපති ධුරය හොබවන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරනු ලබන සුභසාධන කාර්යභාරයන් තවදුරටත් පුළුල් කරමින් මෙම ව්‍යාපෘතියේ පළමු බිත්තර 10,000 කින් යුත් තොගය ඉකුත් සඳුදා (26) දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකක කාර්යාලය වෙත භාරදෙන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා සුභසාධන වෙළඳසැල් ඔස්සේ සහනදායි මිලකට අලෙවි කිරීම සඳහා බිත්තර තොගය ගල්කන්ද යුද්ධ හමුදා ගොවිපළේ නිලධාරි අණදෙන මේජර් ජේ. රාජනායක විසින් කෘෂීකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දආරච්චි නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් (පාලන) කර්නල් අනුර විජේකෝන් වෙත භාරදෙන ලදී. මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේ මාණ්ඩලික නිලධාරින් සහභාගී වූහ.
යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සැලසුම් අනුව කරමින් 2 වන අදියර යටතේ මේ වසර අවසන් වනවිට කුරුණෑගල සහ බළල්ල පිහිටි යුද්ධ හමුදා ගොවිපලවල්හි කුකුල් පාලනය ආරම්භ කිරීමෙන් පසුව නැගෙනහිර හා මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් සඳහා අවශ්‍ය බිත්තර 2021 වසර වනවිට එමගින් ලබාගැනීමට අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ 2021 වසර වනවිට බටහිර, මධ්‍යම, යාපනය, කිලිනොච්චි, වන්නි සහ මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත සියලු ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා අවශ්‍ය බිත්තර සැපයීමට අපේක්ෂා කරයි.
කුකුළන්ට ආහාර සැපයීම සඳහා, එම ගොවි මධ්‍යස්ථාන තුළ මේ වනවිටත් බඩ ඉරිඟු, සෝයා සහ වෙනත් ධන්‍ය වර්ග වගාකර ඇති අතර එමඟින් කුකුල් ආහාර සඳහා වැයවන වියදමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇත.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් දියත් කරනු ලබන මෙම ව්‍යාපෘතිය තුළින් යුද්ධ හමුදා සාමාජිකයින්ට දෛනික බිත්තර අවශ්‍යථාව සැපිරීමට අපේක්ෂා කරයි. එසේම, කුකුලන් ඇති කිරීම කෙරෙහි උනන්දුවක් දක්වන යුද්ධ හමුදා සාමාජිකයින්ට වෙනත් ආයතන සමඟ සම්බන්ධතාවයෙන් මේ පිළිබද දැනුමක් ලබාගැනීමට ද කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය පහසුකම් ලබාදී ඇත.