මෙරට තුළ ව්‍යාප්තව ඇති කොරෝනා වසංගතය මේ වනවිට අවදානම් තත්ත්වයේ තුන්වන ස්ථරයට (Alert Level-3) පැමිණ ඇති බව කොරෝනා කාර්ය සාධක බළකායේදී අනාවරණය වී ඇත.
ඊයේ (24) පැවැත්වී ඇති මෙම කාර්ය සාධක බළකායේදී පවතින තත්ත්වය ඉතාම සමීපව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය අනාවරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
ඊයේ (24) සවස පැවැති මෙම හමුවට කාර්ය සාධක බළකා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, වෛද්‍ය විශේෂඥවරුන් ඇතුළු සියලුම සාමාජිකයන් සහභාගී වී ඇති බවද දැනගන්නට ඇත.
සාමාන්‍යයෙන් වසංගතයක තුන්වන අවදානම් ස්ථරය ලෙස සැලකෙන්නේ එය සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයකි.




