කොවිඩ්-19 පාලනය කිරීමේ කාර්යය සාධක බළකාය විසින් නියෝග කරන ආකාරයට විදෙස් ශ්‍රමිකයින් ගෙන්වීම සිදු කළ හැකි බවත්, දැනට උද්ගතව ඇති තත්ත්වය මත විදේශ ශ්‍රමිකයින් එකවර මෙරටට ගෙන්වීම ප්‍රායෝගික හැකියාවක් නොමැති බවත්, එහෙත් ඔවුන් ක්‍රමක්‍රමයෙන් මෙරටට ගෙන්වීම සිදු කරමින් සිටින බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (19) අයවැය දෙවන වර කියවීමේ
පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් විපක්ෂය විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් කියා සිටියේය.
විදේශ ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ කොවිඩ් පාලනය කිරීම පිලිබඳ කාර්යය සාධක බළකාය, විදේශ කටයුතු අමාත්‍යංශය හා එකතුවීමෙනි. ඒ අනුව, කාර්යය සාධක බළකාය විසින් සඳහන් කරන පරිදි මෙරටට ශ්‍රමිකයින් ගෙන්විමේ ධාරිතාවය පිලිබඳව සළකා බලා ඒ අනුව සඳහන් කරන ලද ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සිදු කරමින් සිටින බවත්, එහෙත් කොවිඩ් 19 හේතුවෙන් විදෙස් රටවල පනවා ඇති නිරෝධායනය හා සම්බන්ධ මඟ පෙන්වීම්, සීමා කිරීම් වලට ද යටත් ව කටයුතු කිරීමට සිදු ව ඇති බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.




