පේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවිඩ් වයිරසය ආසාධනය වී ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා සදහන් කළා.
එහෙයින් පොලිසියේ සියලුම නිලධාරින් පී සී ආර් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවත් අද (19) සිට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුද විශේෂ රාජකාරි යටතේ පොලිස් නිලධාරින් 50 දෙනෙකු පේරාදෙණිය පොලිසියේ රාජකාරි සදහා යොදවන බවත් පොලිස් අධිකාරීවරයා කියාසිටියා.සුගියදා පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කළ රථවාහන අංශයේ හා පොලිසියේ ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ පසුගිය (17දා සිදු කරණු ලැබීය.
එම පරීක්ෂණවලින් තවත් පොලිස් නිලධාරින් 4 දෙනෙකුට කෝවිඩ් ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත.එම කෝවිඩ් ආසාදිතයින් 4 දෙනා පොලිස් නිලධාරිනියන් දෙනෙකුද පොලිස් නිලධාරින් දෙදෙනෙකුද වන බවත් මේවනවිට සියලු නිලධාරීන් දින 14 ස්වයංනිරෝධායනය සදහා යොමුකර ඇතිබව පොලිස්අධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කළා.




