බන්ධනාගාර ආශ්‍රිතව පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට ජනාධිපති පොදු සමාවක් ලබාදීමට තීරණය කර තිබේ. ජනපති පොදු සමාවට අදාළ ලිපිය ඊයේ (27) වැනිදා වන විට බන්ධනාගාර මූලස්ථානයට ලැබී තිබුණු බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.
ඒ අනුව රට පුරා ඇති සියලූම බන්ධනාගාරවලට ඒ සම්බන්ධයෙන් දන්වා යැවීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කටයුතු කර ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.
මෙම පොදු සමාව යටතේ සුළු වැරදි සම්බන්ධයෙන් විවිධ බන්ධනාගාරවල රඳවා සිටින 700 ක් පමණ වූ සිරගත රැදවියන්ට නිදහස්ව යෑමට අවස්ථාව හිමිවනු ඇතැයිද සඳහන් වෙයි.




