අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඊයේ 2020.11.18 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල,පර්යන්ත 2 ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්විය.
සෞභාග්‍යයේ දැක්ම යටතේ ගුවන්තොටුපොල ගුවන්සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික ආයතනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට සමඟාමීව මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණි.
2014 වර්ෂයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජපානයේ ගරු අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ මැතිතුමාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ 2වන අදියරේ කටයුතු ඇරඹුණි.
ගුවන් තොටුපොල 2වන අදියර කටයුතු 2014 දී ආරම්භ කෙරුණද, 2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව එම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම විවිධ හේතු දක්වමින් ප්‍රමාද කළේය.
ඒ හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ සමස්ත කාලය තුළ මෙහි සංවර්ධන කටයුතු ඇණ හිටි තිබිණි.
නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගත්තේය.
ඒ සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහනේ සඳහන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන බවට සඳහන් ප්‍රකාශය ඉටුකිරීම සඳහාය.






