තුවක්කුකරුවන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ කාබුල් විශ්වවිද්‍යාලයට ඇතුළු වී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 19 දෙනෙක් මරණයට පත්වී තිබේ. ඉන් බහුතරය විශ්වවිද්‍යාල සිසුන් වේ.
22නෙක් තුවාල ලබා තිබේ.
එය කාබුල් නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයකට සතියක් තුළ එල්ල වූ දෙවැනි ප්‍රහාරය ලෙස සැළකේ.
එම ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් තිදෙනෙක් පැමිණ තිබු අතර ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රති ප්‍රහාරයකින් ඔවුන් තිදෙනා මියගොස් තිබේ.
රජයේ නිලධාරීන් ලබාගෙන තිබූ ඡායාරූප අනුව සිසුන් පන්ති කාමර තුළ මියගොස් ඇති ආකාරය දැකිය හැකිය. සමහර සිසුන්ට වෙඩි තබා ඇත්තේ ඔවුන් ජනෙල්වලින් එළියට පැනීමට උත්සහදරන විටය.
තමන් මෙම ප්‍රහාරය එල්ල නොකළ බව තලිබාන් සංවිධානය පැවසීය. නමුත් වෙනත් කිසිදු අවිගත් කණ්ඩායමක් එහි වගකීම ගෙන නොමැත.
ඔක්තෝබර් 24 වැනිදා කාබුල්හි පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 24 දෙනෙක් මරුමුවට පත්වූහ. මියගිය අය අතර කුඩා ළමුන් ද වූ බව වාර්තා වේ.
එම ප්‍රහාරයට අයි එස් සටන්කාමීන් වගකීම භාරගත් අතර ඔවුන් එවැන්නක් කළේ ඇයි ද යන්න පවසා නොමැත.
මේ අතර, මේ ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
සතියක් ඇතුළත සිදුවූ ප්‍රහාර දෙකකින් මියගිය පුද්ගලයින්ට ගෞරවය දැක්වීම සදහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමට තීරණය කළ බව එරට ජනාධිපති අෂ්රෆ් ඝානි නිවේදනය කළේය.