මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය 37 වසරක රාජ්‍ය සේවයෙන් සමුගැනීම සඳහා මේ වන විට සුදානම් වන බවට වාර්තා වනවා.19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු මෙම නොවැම්බර් මස අගදී ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණා.
රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික් භාණ්ඩ මේ වන විට ඔහු ඉවත් කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය දා සම්මතවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පවතින මැතිවරණ කොමිසම අහෝසිවී පංච පුද්ගල නව මැතිවරණ කොමිසමක් පත්වීම සිදුවනු ඇති.
එමෙන්ම එම නව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලෙසට මහින්ද දේශප්‍රිය මහතාට ආරාධනා ලබා තිබුණත් තමන්ට විවේකයක් අවශ්‍ය බව පවසා සිය ධුරයෙන් විශ්‍රාම යාමට ඔහු තීරණය කර තිබෙනවා.