ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල වෙළඳසැල් විවෘත කිරීම මේ මොහොතේ ප්‍රායෝගික නැහැ – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

 


නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල සිල්ලර වෙළඳසැල් සහ ෆාමසි නැවත විවෘත කිරීම සඳහා දෙදින ක්‍රමය ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ ප්‍රායෝගික නොවන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

කෙසේ වෙතත්, ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා සතිය මැදදී තීරණයක් ගැනීමේ හැකියාවක් පවතින බව ද ඔහු ඉඟි පළ කළේය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(01) සඳහන් කළේය.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පැවති සාකච්ඡාවක දී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව ද බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් දීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.

COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය ඔක්තෝබර් 27 වන දින පැවසු ආකාරයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිල්ලර වෙළඳසැල් සහ ෆාමසි නැවත විවෘත කිරීම සඳහා වූ කාලසටහන සඳහන් වූයේ මේ ආකාරයටයි..

📍 කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ / අඟහරුවාදා සහ සිකුරාදා (උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා)

📍 ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ / සඳුදා සභ බ්‍රහස්පතින්දා (උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා)

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ සවස විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 09වැනිදා අලුයම 5.00 දක්වා දීර්ඝ කරන බව ය.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමට, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 වැනිදා අලුයම 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල වෙළඳසැල් විවෘත කිරීම මේ මොහොතේ ප්‍රායෝගික නැහැ – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල වෙළඳසැල් විවෘත කිරීම මේ මොහොතේ ප්‍රායෝගික නැහැ – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgU-0CeMDxMv1YuUMllWaOk5pHTht0a-4aJEE-GC98arho3t1OQ5EmBtR45EA4LlppmmkBmgQ0lGkNtETsy2U6xT2TQOlkW6eLrgHmAtLZRo1sbSlUJDuDQ9KOqJKseceU5Nb6dcVzJXq0/s16000/Nalaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgU-0CeMDxMv1YuUMllWaOk5pHTht0a-4aJEE-GC98arho3t1OQ5EmBtR45EA4LlppmmkBmgQ0lGkNtETsy2U6xT2TQOlkW6eLrgHmAtLZRo1sbSlUJDuDQ9KOqJKseceU5Nb6dcVzJXq0/s72-c/Nalaka.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/newsshopsopening.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/newsshopsopening.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content