ඉදිරි පස් වසර තුළ දිවයින පුරා කර්මාන්තපුර 15ක් ඇරැඹීමට නියමිත බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 'පොළොන්නරුව දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවට' සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. ඒ අනුව ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද ප්‍රදේශයේ නව කර්මාන්ත පුරයක් ඉදිකරන බවත් අමාත්‍ය වරයාපැවසීය.
එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ගැටළු රැසකට මෙහිදී පිළියම් යෙදීමට ද ඒ මහතා කටයුතු කළේය. ඒ තම විෂය පථය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උප කාර්යාලයක් ඇලහැර ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර ගැනීමටද බලධාරීන වෙත උපදෙස්ලබාදි තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවලින් හඳුනාගන්නා මැණික් නිධි සඳහා ඉහත උප කාර්යාලය මගින් නිසි නීතිමය ක්‍රමවේද යටතේ දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තකරුවන්ට බාධාවකින් තොරව තම කර්මාන්තයෙහි නියැලීමට ඉඩකඩ නිර්මාණය කරදීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ විය. මෙම කටයුත්ත ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බැවින් පතල් කැණීමෙන් පසු ඉහත රක්ෂිත ප්‍රදේශවල නැවත වන වගා කටයුතු සිදු කර නියමිත පරිදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීම ද ගැටලුවකින් තොරව සිදුවන බවට සහතිකයක් ද ලැබෙන බවත් වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරු වන දයාසිරි ජයසේකර, ප්‍රසන්න රණවීර, කනක හේරත්, රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.







