14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසත්‍ය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවට අපහාස කරන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පාර්ලිමේන්තුවේ සම්මත නීතියක් පිළිබඳ ගෙන යන අසත්‍ය ප්‍රචාර නවතා දැමිය යුතු බවයි.
1980 වසරේ එවකට කතානායක දිවංගත ඊ.එල්. සේනානායක මහතා 14 වන ව්‍යවස්ථා සංශෝධනය යැයි කියමින් අත්සන් කර ඇත්තේ ව්‍යාජ ලියවිල්ලකට බවත් 14 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොවන බවට අසත්‍ය මත පළකර තිබෙන බවත් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් වික්‍රමසිංහ මහතා කථානායකවරයාට දැනුම් දුන්නා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




