එකම නිවසේ පදිංචිව සිටි මවක් හා දියණියක් කොවිඩ් ආසාධනය වීමෙන් මරණයට පත්ව ඇත. පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ මෙම සිදුවීම සිදු වී ඇති අතර ඊට දින දෙකකට පෙර මරණයට පත්වු පියාගේ සිරුර රහසේම වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කර ඇත.
මේ සම්බන්ධව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
පුත්තලම මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව පදිංචිව සිටි 51 හැවිරිදි සිත්ති අජීබා හා ඇගේ දියණිය බව කියන 37 හැවිරිදි ෆාතිමා සහානා නැමති එකම නිවසේ පදිංචි අය මෙසේ කොවිඩ් ආසාධිතව මරණයට පත්ව ඇත.
ගෘහ මුලිකයා වු 56 හැවිරිදි මොහොමඩ් නිස්තාර් නැමති අය හදිසියේම 4 දින මරණයට පත්ව ඇත. එහිදී ඔහු ප්‍රථිකාර ලබා ගත් පුත්තලම ආයුර්වේදයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙසේ ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරියා දැනුවත් කිරීමෙන් පසු වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කර ඇති බව කියයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




