මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේ මහ බැංකුවේ අධිපති ධුරයට තමා නැවත යන බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැති බවයි.
හෙතෙම සඳහන් කළේ මහ බැංකුවේ අධිපති ලෙස තමා වසර අටකට වැඩි කාලයක් සේවය කර ඇතත් කිසිම රජයකින් විශ්‍රාම වැටුප විදියට තමා සත පහක් ගෙන නැති බවත් අඩු තරමින් තීරු බදු රහිත වාහනයක් හෝ ලබා ගෙන නැති බවත්ය.
විශ්‍රාම වැටුප තමාට හිමිවිය යුතු වරප්‍රසාදයක් බවත් 2006 වර්ෂයේදී එවකට ජනාධිපති ලේකම්වරයා තමාට දුන් පත්වීම් ලිපියේ විශ්‍රාම වැටුපක් හිමි විය යුතු බව පැහැදිලිව සඳහන් කර තිබුණේ රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මේ දක්වා තමාට විශ්‍රාම වැටුපක් නොලැබුණු බවත් එක එක කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට අද මඩ ගසන බවත් එවැනි මඩ අපහාස නින්දා මධ්‍යයේ තමාගේ ගමන වෙනස් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




