සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට බාධා කිරීමට හෝ නීතිය අවභාවිත කරමින් කටයුතු කිරීමට පොලිසියට හැකියාවක් නැති බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරකයින් අත්අඩංගුවට ගැනීම සහ එම පක්ෂයේ දේශපාලන කටයුතුවලට පොලිසියෙන් නිතර බාධා කිරීම හේතුවෙන් එම පක්ෂය පසුගිය අගෝස්තු 16 වන දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත දැනුම් දී තිබෙන්නේ දේශපාලන පක්ෂයකට සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට මෙන්ම ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ලබා දී තිබෙන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




