කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමින් යුත් ඔක්සිමීටර් 4200 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලන්කන් කාගෝ ආයතනයේ නිළධාරීන්ට නිෂ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන තිබුණ.
ඔක්සිමීටර් තොගය පෙට්ටි 21 ක අසුරා තිබූ බවත් ද රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිටවීමේ දොරටුවේදී මෙම භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේදී ඒ සම්බන්ධයෙන් රේගු සටහන්කරයක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත් අනාවරණය වීමෙන් ඔක්සිමීටර් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




