ගර්භනී සමයේ කොවිඩ් 19 වැළඳීම දරුවාටත් මවටත් ඉතා අවදානම් විය හැකි බැවින් හැකිනම් අවුරුද්දකට ගර්භනීභාවය පමා කරන ලෙස ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය හර්ශ අතපත්තු මහතා ඊයේ (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසුවා.
"කෝවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම.දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා.දැන් ඉස්සෙල්ලා එක නෙමෙයි දැන් ඩෙල්ටා එක ඇවිල්ලා තියෙනවා.ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්.අපි ගහන්න ගහන්න , අනික් පැත්තට ගහන්න ඒගොල්ලො ඉගෙන ගන්නවා.අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කෝවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ අම්මගෙන් ළමයට ප්‍රශ්නෙකුත් නෑ කියලා.නමුත් මේ ඩෙල්ටා වේරියන්ට් එක එනකොට අපි දන්නවා එකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා.අපි දැන් ගන්නේ කොවිඩ් හැදුනොත් ගර්භනි සමයේ ඒක අධි අවදානම් තත්ත්වයක් විදියට."
වෛද්‍ය විද්‍යාවේ දී එක් වසරක් විශාල කාල පරාසයක් ලෙස සලකන බැවින් දරුවන් බලාපොරොත්තුවෙන් සිටී නම් පවුල් සැලසුම් සායනවලට සහභාගී වී හැකි නම් වසරකින් ගර්භනීභාවය පමා කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




