ගාල්ල වටරැක ප්‍ර දේශයේ පදිංචි සියති විතුම්සා දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඇයගේ මව සහ පියා දෙදෙනාම ව්‍යාපාරිකයින්. සොහොයුරා ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබයි. තමන්ගේ ජයග්‍රහණය ගැන අදහස් දැක්වූ සියති විතුම්සා,
ඇත්තමට හරිම සතුටුයි මේ ලැබුණ ජයග්‍රහණය ගැන. මගේ අම්මාගේ යාළුවෙක් තමයි අපිට මුලින්ම ප්‍රතිඵළ ගැන කිව්වේ. එයා තමයි කිව්වේ මට ලකුණු 200 යි කියලා. මෙසේ තම සතුට වචන වලට පෙරලුවේ සියති විතුම්සා දියණියයි. අද ඇය වාර්තාවක් පිහිටුවා අවසන්ය. ඇගේ ඒ ජයග්‍රහණය ගැන ඇය මෙසේ ද පැවසීය. මම එක වසරේ ඉදලම ගියේ සංඝමිත්තා විද්‍යාලයට මගේ පලමු වසෙර් මිස් දිස්නා මිස් ඊට පස්සේ කුමුදු මිස් සහ හතර පහ වසර වල මට ඉගැන්නුවේ ලලිත් රත්නවීර සර් මේ හැමෝන්ගෙම උදව් ලැබුණා මට මේ ජයග්‍රහණයට. මම පාසලේ පරිසර . චෙස් කණ්ඩායම් වල ඉන්නවා. ඒ අතර සාමාන්‍ය පරිදි මගේ වැඩ ටික කරගෙන ගියා මගේ තාත්තා ඉන්දික කරුනාතිලක, අම්මා නිලන්ති දීපිකා මේ දෙන්නාම මගේ පස්සෙන්ම ඉදගෙන මට හැමදේටම උදව් කරා. ඒ වගේම මගේ මල්ලී , ආච්චිමගේ නෑදෑයින් සහ අසල්වාසීන් ඇතුළු සියළු දෙනාට ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මගේ පාසල ගාල්ල සංඝමිත්තාව ට වගේම විදුහල්පතිනිය වන චාන්දනී උඩකුඹුර මහත්මියත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම මම සහභාගී වු පෞද්ගලික පංති වල ගුරුමහත්ම මහත්මීන් ද මේ ජයග්‍රහණයට හේතුවක් වුනා.





