ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "සියපත" නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය, මරදගහමුල, වැවේගොඩැල්ල භූමියේ දී පැවැත්විණි.
මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 5 කින් සහ නිවාස 100 කින් සමන්විතය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අතිගරු අග්‍රාමාත්‍ය සහ නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මකය.
මීට සමගාමීව මෙම නිවාස ව්‍යාපෘතිය පළාත් 9 තුළම ආරම්භ විය. ඉදිරියේදී මෙම වැඩසටහන මැතිවරණ කොට්ටාශ 160 තුළම ක්‍රියාත්මක වන අතර, මෙම වැඩසටහන යටතේ ඉදිවන සමස්ත නිවාස ගණන 16,000 කි.
පසුගිය රජය වසර හතර හමාරක් තුළ විනාශ මුඛය කරා ගෙන ගිය මේ රට ගොඩ ගන්නට හැකි අරමුණු මුදුන් පත්කරන අයවැයක් අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉදිරිපත් කළ බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා උත්සවසභාව අමතමින් ප්‍රකාශ කළේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ඡන්ම දිනය සැමරීම වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ජයග්‍රහකයින් 16 දෙනෙකු සඳහා රුපියල් කෝටි 75 ක පමණ ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ගෙන එන ‘සෙවණ’ නව ලොතරැයිපත සංකේතාත්මකව මෙහිදී එළිදැක්විය.