ඊයේ (07)දිනයේදී කිඹුලාවල මංසන්ධියේ මොටර්සයිකල් රේස් සංවිධානය කරමින් සිටි යතුරුපැදිකරුවන් 24 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ කිඹුලාවල මංසන්ධියේ සිට නව රෝහල පාරේ අදික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීමට සැලසුම් කරමින් සිටියදීයි.
මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම සංවිධානාත්මක යතුරුපැදි කණ්ඩායම පොලිස් භාරයට ගනු ලැබූ බව හා මෙම යතුරුපැදි නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය සිය භාරයට ගෙන හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මොරටුව, එගොඩ උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරෙන් පසුව පොලිසිය විසින් එවැනි සංවිධානාත්මකව සිදුකරනු ලබන යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් අත්අඩංගුවට ගැනීමට රටපුරා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි.






