ඔව් මම හැටේ වත්තේ ! ත‍්‍රීවීලර් ඩික්සන්ගේ නංගි ගෙන් හෙළිදරව්වක් !


හැටේ වත්තේ ත‍්‍රීවීලර් ඩික්සන්ගේ නංගි මේ දවස්වල හරි ජනප‍්‍රියයි. ඩික්සන්ගේ නංගි සුභානි. නෑනලා හි පොඩි නෑනා. පවුලට ගැළපෙන්නේ නැතිම පොඩි නෑනා තමයි සුභානි. ඇත්තටම කවුද මේ සුභානි. ඇය නමින් හිරුණි රණසිංහ. අහස් මාලිගා” අග්නි පියාපත්” පුළිඟු නාට්‍යවලින්ද ඇයව දකින්න ලැබෙනවා. මේ නිසාම අපි ඇයට මේ ඉඩකඩ වෙන්කළා.
 
  * හිරුණි නෑනලා හි සුභානිට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?
 
සුභානි කියන චරිතය මට අලූත් සහ ගොඩක් අභියෝග රැසකට මුහුණදුන්න චරිතයක්. දැනට ලැබෙන ප‍්‍රතිචාර ගැන මට කියන්න සතුටුයි. මට සුභානි නිසා වෙනස්ම ප‍්‍රතිචාර තමයි ලැබෙන්නේ. සුභානි කියන්නේ අමුතුම චරිතයක්.
 
 * සුභානි වෙන්න ලැබුණේ කොහොමද?
 
 අධ්‍යක්ෂ නාලන් මහත්මයාගේ සහ බුද්ධික ලොකුහිටියගේ මහත්මයාගේ ආරාධනාවෙන් තමයි මට සුභානි වෙන්න ලැබුණේ.
 
 * නෑනලා නිෂ්පාදිකාවත් ඔබ?
 
 මුල් නිෂ්පාදක මහතා තමයි බුද්ධික ලොකුකැටිය මහත්මයා. සුභානි වුණාට පසුව තමයි මට මේ ආරාධනාව ලැබුණේ. මම මුලින්ම නිෂ්පාදිකාව වෙලා පසුව සුභානි වුණේ නැහැ.
 
 * හිරුණි සුභානි නිසාද නිෂ්පාදිකාවක් වුණේ?
 
 හරියටම හරි. සුභානි නිසා තමයි නිෂ්පාදිකාවක් වුණේ.
 
 * පවුලේ පොඩිම නෑනාත් සුභානි නේද?
 
 ඔව්. පවුලට ගැළපෙන්නේම නැති පොඩි නෑන තමයි මම. ලොකු නෑනා විදිහට ඉන්නේ ගීතා කාන්ති අක්කා. දෙවැනි නෑනා යශෝධා විමලධර්ම අක්කා. තුන්වැනි නෑනා වසන්ති රන්වල අක්කා. හතර වැනි නෑනා රුවන්ගි රත්නායක. පස්වැනි නෑනා තමයි මම.
 

Photo credit : Sarasaviya.lk


 * නෑනලා වෙනුවෙන් ලොකු බරපැනක් දරන්නෙත් පොඩි නෑනා නේද?
 
 ආ. ඔය කියනවා ඇත්තේ මම නිෂ්පාදිකාව හින්දා වෙන්න ඇති. මම නිසා තමයි නෑනලාට ප‍්‍රශ්න වැඩිවෙන්නෙත්. පවුලට ගැළපෙන්නේම නැති නෑනා තමයි මම. එක එක හේතූන් මත පොඩි නෑනා එක්ක ප‍්‍රශ්න ඇති කරගන්නවා. අයියා ඩික්සන්. පවුලේ අය පොඩි නෑනාට කියන්නෙත් හැටවත්තේ ත‍්‍රීවීල් ඩික්සන්ගේ නංගි කියලා. කතාව මාව හැලහැප්පීම් මැද්දේ තමයි ගලාගෙන යන්නේ. ඉස්සරහට ලොකු ලොකු ප‍්‍රශ්නවලට මුහුණදෙන්න සිද්ධවෙනවා. මම හිතන්නේ දැන්ම එ් ගැන කතා කරන්න හොඳ නැහැ.
 
 * නිෂ්පාදිකාවක් වීම ගැන මොකද හිතන්නේ ?
 
 නිෂ්පාදිකාවක් වීම ගැන මම හිතන්නේ තවම එහෙම වුණාද කියලා. මොකද මම අදටත් දක්ෂ රංගන ශිල්පිනියක් වීමේ පරමාර්ථයෙන් තමයි ඉන්නේ. නිෂ්පාදිකාවක් වීම කියන්නේ අහම්බයක්. එ්කට ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනෑ බුද්ධික ලොකුකැටිය මහත්මයාට. මාව මේකට සම්බන්ධකරගත්තාට. මම මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් හිතුවෙම නැහැ නිෂ්පාදිකාවක් වෙන්න ඕනෑ කියලා. නිෂ්පාදිකාව කියන තැනදී මම මාර විදිහට ප‍්‍රශ්නවලට මුහුණදෙන්න සිද්ධවුණා.
 
 * මේ වගේ කාලවකවානුවක නාට්‍යයක් නිෂ්පාදනය කරනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙමෙයි නේද?
 
 අම්මෝ ලොකු රිස්‌ක්‌ එකක්. ඇත්තටම රිස්‌ක්‌ එක ගැන හිතන්නේ නැතිව තමයි ඒකට ඇතුළත් වුණේ. ඒකට ඇතුළත් වුණාට පස්සේ තමයි නිෂ්පාදනයේ තියෙන අවදානම දැනුනේ. රඟපානවා කියන කාරණාව එතරම්ම අමාරු දෙයක් නෙමෙයි. නාට්‍යයක් නාලිකාවකට දාගන්නවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. දැන් තියෙන වාතාවරණයත් එක්ක වගේම නාලිකාවක බෙල්ට් එකක් ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. මම දන්න තරමින් ගොඩක් නිෂ්පාදකවරු නාට්‍යය නිෂ්පාදනය කරලා නාලිකාවකට දාගන්න බැරිව එම නිර්මාණ අතේ තියාගෙන ඉන්නවා.
 
 * නෑනලාට එවැනි ප‍්‍රශ්න ආවේ නැතිද ?
 
 නාලිකාවක් ලැබෙනකම් නෑනලත් ටික කාලයක් බලාගෙන හිටියා. ඒ තරමට නාට්‍ය කරලා තියෙනවා.
 
 * කොරෝනා නිසා නෑනලා දර්ශන තලයට ප‍්‍රශ්න නැතිද?
 
 මුලදී නම් පොඩි පොඩි ප‍්‍රශ්න තිබුණා. නෑනලාට රූගත කිරීම් ප‍්‍රශ්න නැතිවාම නොමෙයි. පීඑච්අයි මහත්වරුන්ගෙන් දර්ශනතල පිළිබඳ ප‍්‍රශ්න ඇතිවුණා. සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුව ඔවුන් සමග සාකච්ඡුා කරලා නිරෝධායන නීතියට අනුව මේ වෙනකොට රූගත කිරීම් ආරම්භ කරලා තියෙනවා.
 
 * හිරුණි සල්ලිකාරියක් නිසාද නාට්‍ය නිෂ්පාදනය කරන්නේ ?
 
 ඒ කතාව සම්පූර්ණයෙන් වැරදි කතාවක්. මම අතමිට යහමින් සල්ලි තියෙන සල්ලිකාරියක් නෙමෙයි. හරිම අමාරුවෙන් තමයි මම මේ වැඬේ කළේ. ඒක මගේ ළඟම හිටපු අය දන්නවා. මම මේ වැඬේ කළේ කොහොමද කියලා මාධ්‍යයට කියන්න වුවමනා නැහැ. මගේ ළඟම ඉන්න පිරිස දන්නවා මම මේ වැඬේ කළේ කොහොමද කියලා. අනික සල්ලි විසිකරන්න තියෙනවාට මම මේ වැඬේ කළා නෙමෙයි. කලාවට ආදරේ හින්දා නිසා තමයි මම මේ වැඬේ කළේ.
 
 අන්ගි පියාපත්” පුළිඟු” අහස්  * මාලිගා ඔබේ අනෙක් නාට්‍යය. එ් ගැන කතා කළොත්?
 
අහස් මාලිගා තමයි මගේ පැරණිම නාට්‍යය. අහස් මාලිගා අමාලි හින්දා තමයි මම මිනිස්සු අතරට ගියේ. අදටත් අමාලි හින්දා හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. පුළිඟු නාට්‍යයටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. සියත නාලිකාවේ එන්කවුන්ටර් කියලා නාට්‍යයක් රාති‍්‍ර 8.30 විකාශනය වෙනවා. අග්නි පියාපත් හිමාලිටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. සුභානි හැට වත්තේ වුණාට හිමාලි සල්ලිකාර උද්දච්ච ගැහැනියක්. ඒක නිසා මේ ප‍්‍රතිචාර එකිනෙකට වෙනස්.

Photo credit : Sarasaviya.lk


 
 * සැබෑ ජීවිතයේත් හිරුණි කටකාර” දඟකාර චරිතයක් නේද?
 
 සැබෑ ජීවිතයේ ඇත්තටම කටනම් ටිකක් වැඩියි. හිනාවෙලා වැඩිපුර කතා කරලා ඉන්න කෙනෙක්.
 
 * හිරුණිට නළුවන්ගෙන් හරියට ආදර යෝජනා ගලාගෙන එනවා කියන්නේ?
 
 එහෙම නැහැ. සාමාන්‍යයෙන් තරුණියකට කොහොමටත් ආදර යෝජනා ගලාගෙන එනවා. ඉතිං මම හිතනවා මම නිළියක් නිසා වැඩිපුර ආදර යෝජනා ගලාගෙන එනවා ඇති.
 
 * ඒ ආදර යෝජනාවලට ලබාදෙන්නේ මොනවගේ උත්තරද?
 
 මම නම් තවම ඒ ගැන හිතන්නේ නැහැ. අනික මගේ ආදරය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නිකුත් කරන්න වුවමනා නැහැ කියලයි.
 
 * හිරුණි ආදරය හංගනවාද?
 
 ආදරය හංගන්නෙත් නැහැ. ඔයිට වඩා ඔයගැන කතා කරන්න වුවමනා නැහැ කියලයි.
 
 * විවාහය ගැන දැන්ම හිතන්නේ නැතිද?
 
 අනේ නැහැ. දැන්ම ඒ  ගැන හිතන්නේ නැහැ. ගොඩක් දෙනෙක් කියනවා මගේ වයස හරි. දැන් අවුරුදු විසිහතරයි විවාහ වෙන්න කියල. නමුත් දැන්ම මම ඒ ගැන හිතන්නේ නැහැ.
 
 * නිළියක් නිසා දේශපාලනඥයන්ගෙන් ආදරය යෝජනා එන කතාව බොරුවක්ද?
 
 අනේ නැහැ. මට කාගෙන්වත් එහෙම යෝජනා ඇවිත් නැහැ.
 
 * ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත් ?
 
 හරිම සතුටුයි. මම මේ ආපු පොඩි කාලය ගැන ආපහු හැරිලා බලද්දී හිතෙන්නේ පොඩි ගමනක් ඇවිල්ලා හරිම සතුටින් ජීවත්වෙනවා කියලයි. මගේ ලයිෆ් එකේ අංක එක මම සතුටින් ජීවත්වෙන එක. මම සරසවි යන්නේ නැතිව යූත් එකේ ඩ‍්‍රාමා ස්කූල් එකට ගිය එක ගැන පොඩි දුකක් තියෙනවා. ඒකටත් දුකක් නැහැ මම කලාවෙන් අත්දැකීම් ලබලා නාට්‍ය පැත්තෙන් මගේ අරමුණ ඉෂ්ඨ කරගත්තා.
 
 සරසවි නොගිහින් රඟපෑමට ආපු එක අපරාධයක් කියලා හිතෙන්නේ නැතිද?
 
 මට අපරාධයක් කියලා හිතෙන්නේ නැහැ. මට අපරාධයක් කියලා හිතෙන්නේ සරසවියේ අවුරුදු හතර පහ අත්දැකීම් ලබාගන්න නොහැකිවීම ගැනයි.
 

Photo credit : divaina.lk



- සටහන  උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඔව් මම හැටේ වත්තේ ! ත‍්‍රීවීලර් ඩික්සන්ගේ නංගි ගෙන් හෙළිදරව්වක් !
ඔව් මම හැටේ වත්තේ ! ත‍්‍රීවීලර් ඩික්සන්ගේ නංගි ගෙන් හෙළිදරව්වක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVv0BTSRUoHcGPcr4rAYyAzJPAHuNSW2yNCopgED1q-YtVGNd0BUTlC5n2qtmi6vnm8Es4GpM6YaDghSEGRybF0fHP2Sk-gc0bE3niiLATR1c3EMVuJj2a62xFFqTJRuYFUCmcjJ6LNQg/s16000/hiruni.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVv0BTSRUoHcGPcr4rAYyAzJPAHuNSW2yNCopgED1q-YtVGNd0BUTlC5n2qtmi6vnm8Es4GpM6YaDghSEGRybF0fHP2Sk-gc0bE3niiLATR1c3EMVuJj2a62xFFqTJRuYFUCmcjJ6LNQg/s72-c/hiruni.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/Actress-hiruni-ranasinghe.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/Actress-hiruni-ranasinghe.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content