ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
ඉහළ නිලධාරියකුගේ අනිසි බලපෑම් හේතුවෙන් රත්නායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව දැනගන්නට තිබේ.
සුසන්ත රත්නායක මහතා යනු ජෝන් කීල්ස් ආයතනය ඇතුලු තවත් පෞද්ගලික අංශයේ ප්‍රකට සමාගම් රැසක සභාපති ඇතුලු ඉහළ තනතුරු දැරූවෙකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ පළමු පත්වීම් කිහිපය අතර සුසන්ත රත්නායක මහතාගේ පත්වීමද විය.
නමුත් පසුගිය කාලය පුරාම ඉහළ නිලධාරියකුගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් ඒ මහතා මෙසේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව වාර්තා වේ.




