කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්ට පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණයේ වෙළඳසල් ලබා දෙන බව කියමින් ඔවුන් මහත් දුෂ්කරතාවට ඇද දමා ඇති බවට විරෝධතා උදඝෝෂණයක් අද (07) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා.
මෙම විරෝධතාවයේදී වෙළඳුන් ඉල්ලා සිටියේ මැනිං වෙළඳපොළේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී පෑලියගොඩ වෙළඳ සංකීර්ණයට ගෙන යන බව කීවද එයින් අසාධාරණයක් සිදුවන බවයි.
මැනිං වෙළඳපොළේ අඩි 10 කාමරවල දීර්ඝ කාලයක් වෙළඳ කටයුතු කළ වෙළඳුන්ට ආණ්ඩුව පොරොන්දු දුන්නේ අඩි 12 වෙළඳ කාමර ලබා දෙන බවයි.
මැනිං වෙළඳපොළේ දිගු කාලයක් වෙළඳාම් කළ වෙළඳුන් අතරින් දැනට පෑලියගොඩ කාමර ලබා දී ඇතිතේ 300කට පමණක් බවත් අනෙක් වෙළඳුන්ට අද පැමිණෙන බවට දන්වා තිබුණද කඩකාමර ලබාදීමේ කොන්දේසි මහත් අසාධාරණ බව ඔවුන් පවසනවා.
තමන්ට අහිමිවන වෙළඳ කාමරය වෙනුවට පෑලියගොඩ සංකීර්ණයෙන් කාමරයක් ලබා දෙන බව කියුවද අඩි 12 කාමරය මැදින් වෙන්කර අඩි 6ක කාමරය අසාධාරණ කුලී පදනමක් යටතට පත්කර ඇති බව වෙළඳ සැල් අහිමි වූ පිරිස පෙන්වා දෙනවා.
එපමණක් නොව එම වෙළඳසල් වෙනුවෙන් රු. ලක්ෂ 2ක අත්තිකාරම් මුදලක් ගෙවීමට සිදුවන බවද දන්වා තිබෙනවා.
සම්පූර්ණ වෙළඳ කාමරයක් ලබගැනීමට නම් රු ලක්ෂ 5ක අත්තිකාරම් මුදලක් තැන්පත්කර මාසික කුලිය රුත 25,000ක් ගෙවිය යුතු බවද ඔවුන්ට දන්වා තිබෙනවා.
දැනට මැනිං වෙළඳ සංකීර්ණයේ ක්‍රියාකාරී වූ තොග හා සිල්ලර වෙළඳුන්ට හිමිව තිබුණු කාමර 2500ක් වෙනුවට පෑලියගොඩ වෙළඳපොළේ කාමර 1,292ක් පමණක් බව ඔවුන් පවසනවා.
මේ ආකාරයට මැනිං වෙළඳුපොළේ එදිනෙදා ආදායම් උපදවා ගත් වෙළඳන් මහ මගට ඇද දැමීමේ වෑයමට එරෙහිව අද විරෝධතාව පැවැත්වුණා.









