ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇත.

 

ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය ඉදිරි පැය 12 ක කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් ඊළග පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා ත් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) දින නිවේදනය කර ඇත.

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කරමින් මඩකලපුව සහ මුලතිව් අතරින් වෙත දෙසැම්බර් මස 02 වැනි බදාදා දින සවස් කාලයේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශට ඇතුලු වනු ඇති බව තවදුරටත් එම නිවේදනයේ සදහන් වේ.


මෙම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 - 100 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත.
මේ හේතුවෙන් කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකෙන ලෙස දැනුම් දී ඇත. එසේම දැනට මෙම ප්‍රදේශවලින් මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රා හැකි ඉක්කමනින් ගොඩබිමට පැමිණෙන හෝ ආරක්ෂිත කලාපයකට ගමන් කරන ලෙසත් ධීවර ජනතාවට දැනුම් දේ.

එසේම දෙසැම්බර් දෙවැනි දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම නිවේදනයේ සදහන් කර ඇත.

මඩකලපුව සිට මුලතිව් දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 02 සිට මීටර් 03 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිම් ප්‍රදේශවලට පැමිණිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකිය. ඒ අනුව දෙසැම්බර් 01 දින උතුරු, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත් වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 අතර විය හැකි අතර දෙසැම්බර් දෙවැනි සහ තුන්වන දිනයන් හි උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය පැයට කිලෝටීමර් 80 සිට 100 දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වලට මිලිමිටර් 150 ඉක්ව වු වැසි බලාපොරෝත්තු විය හැකි බවත් සෙසු පළාත් වලද තද වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්  මේ පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇත.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇත.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiar74y5atDOGUWLI2Y9e8q8Z7FHWks-hbVQHx7VwAQ_rQ1kUWLW5edoWSjzD-NLozdqlpcHZGqZr4LXGu3VSlqtGAWdBsf-xzFgrqzm7lggnR23xCXR5x6y8H1Jhkt3K_2YiGd6cvNzE/s16000/weather_report-december-1st.PNG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiar74y5atDOGUWLI2Y9e8q8Z7FHWks-hbVQHx7VwAQ_rQ1kUWLW5edoWSjzD-NLozdqlpcHZGqZr4LXGu3VSlqtGAWdBsf-xzFgrqzm7lggnR23xCXR5x6y8H1Jhkt3K_2YiGd6cvNzE/s72-c/weather_report-december-1st.PNG
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/Depresion-over-south-east-Bay-of-Bengall.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/Depresion-over-south-east-Bay-of-Bengall.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content