මත්ද්‍රව්‍ය භාවිතය නිසා බන්ධනාගාරගත වී සිටින රැඳවියන්ගේ පුනරුත්ථාපනය කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්.
බන්ධනාගාර ආශ්‍රිතව පැතිරයන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඊයේ (04) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගැනුණා.
මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ රැඳවියන් 8000ක් පමණ බන්ධනාගාර තුළ සිටින බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එවැනි පුනරුත්ථාපන වැඩසටහන් සම්පූර්ණ කළ රැඳවියන් PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනය කොට කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයත්, බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය හා ඒ සඳහා සුදුසු ස්ථාන යොදාගන්නා ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී සඳහන්.




