සතියේ නිවාඩු දිනයන් වන අද සහ හෙට යන දෙදින තුළ කාර්යාල වේලාවන් තුළදී පමණක් දුම්රිය ගමන්වාර 14 බැගින් ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
ඒ අනුව උදෑසන කාලයේදී ප්‍රධාන මාර්ගයෙන් දුම්රිය තුනක්ද, මුහුදුබඩ මාර්ගයෙන් දුම්රිය දෙකක්ද, හලාවත මාර්ගයෙන් එක් දුම්රියක්ද, කැළණිවැලි මාර්ගයෙන් එක් දුම්රියක්ද කොළඔ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන දක්වා ධාවනය කෙරෙනු ඇති.
ප්‍රධාන මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානයෙන් අළුයම 05.00 ටද, මහව දුම්රිය ස්ථානයෙන් අළුයම 04.45 ටද, රඔුක්කන දුම්රිය ස්ථානයෙන් අළුයම 05.57 ටද, අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් අළුයම 05.35 ටද, හලාවත දුම්රිය ස්ථානයෙන් අළුයම 04.50 ටද දුම්රියන් කොළඔ කොටුව බලා ධාවනය වනවා.
මීට අමතරව මුහුදුබඩ මාර්ගයේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 05.30ටද ගාල්ල දුම්රිය ස්ථානයෙන් සමුද්‍රදේවී දුම්රිය අළුයම 05.00 ටද මරදාන බලා ධාවනය කෙරෙනවා.
මෙලෙස ධාවනය වන දුම්රියන් කොටුව හා මරදාන දුම්රිය ස්ථානවලින් පස්වරු 04.00 ත් 06.00 අතර කාලවේලාවන් තුළදී ආපසු එම දුම්රිය ස්ථානකරා ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.




