ප්‍රභූ ආරක්ෂක අංශයේ 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද වෛයිරසය ආසාදනය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1277ක් වී ඇති අතර මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද සදහන්.
කොටුව පොලිසියේ නිලධාරීන් 162
බොරැල්ල පොලිසියේ නිලධාරීන් 107
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 68
කෙසෙල්වත්ත පොලිසියේ 76
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් 39
මරදාන පොලිසියේ නිලධාරීන් 23
පිටකොටුව පොලිසියේ නිලධාරීන් 20
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15
පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 12
පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් 08
ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 09
පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ නිලධාරීන් 23
කුරුඳුවත්ත පොලිසියේ 31
දෙනකුටද, මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබව වාර්තාවේ.
කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 1277 දෙනා අතුරින් 925 දෙනකු මෙ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර නිලධාරීන් 352 දෙනකු රෝහල්තුල නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.




