හිටපු අමාත්‍යවරයෙකු වන ටී. බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙකු පැවසීය.
මියයන විට ඒ මහතා 67වන වියේ පසු අතර දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වු ඒ මහතා, 1994 වසරේ කුරුණැගල දිස්ත්‍රිකක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව පසුගිය පාර්ලිමේන්තුව දක්වාම මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් ව අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය හා කැබිනට් අමාත්‍යධුරවල ද කටයුතු තිබුණි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මෙවර මහ මැතිවරණයට තරග වැදුණ ද ඔහුට පාර්ලිමේන්තු අසුනක් හිමිකර ගැනීමට හැකියාව නොලැබුණි.
අභාවප්‍රාප්ත ටී. බී. ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දේ.




