ආණ්ඩුව හැමවිටම ජනතා අපේක්ෂාවන්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා - ඇමති ප්‍රසන්න රණතුංග


වත්මන් ආණ්ඩුව බිහිකිරීමට කැපවූ හැට නම ලක්ෂයේ අපේක්ෂාවන් කිසිසේත් බිඳ නොදමන බවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ යහපාලන ආණ්ඩුව මෙන් නොව වත්මන් ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට කැපවී සිටින බවයි.

විවිධ කරුණු සම්බන්ධයෙන් විවිධ මතවාද ආණ්ඩුව තුළ තිබුණත් ආණ්ඩුව හැමවිටම කටයුතු කරන්නේ ජනතා අපේක්ෂාවන්ට ප්‍රමුඛත්වය ලබා දී බවත් පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාව තැබූ විශ්වාසය කිසිවෙකු පාවා නො‍දෙන බවත් ඔහු අවධාරණය කරයි.

ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහනේ මිනුවන්ගොඩ ආසනයේ කොට්ඨාශ කමිටු පිහිටුවීමේ රැස්වීම් වලට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ 37ම ආවරණය වන පරිදි මෙම කමිටු රැස්වීම් පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා,

“යහපාලනය අතහැර දැමූ ගම සංවර්ධනය මේ ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා තමයි ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහන ආරම්භ කළේ. යහපාලනය ක්‍රියාත්මක කලේ ඔවුන්ගේ සුපුරුදු කොළඹට කිරි ගමට කැකිරි ප්‍රතිපත්තිය. අපි ඒකට තිත තැබුවා. අපි රට ගොඩනඟන්නේ ගම සංවර්ධනය කරමින්. කොවිඩ් 19 වසංගතයෙන් බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගත හැක්කේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි.

අපි පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ හැම ගමකටම ගියා. ඒ ගමේ සංවර්ධන ප්‍රමුඛතාවයන් හඳුනාගත්තා. ඒ අනුව තමයි ජනාධිපතිතුමාගේ ගෝඨාභය රට හඳුනන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල නිර්මාණය වුණේ. 2021 අයවැය අපි රටට ඉදිරිපත් කලේ ඒ මත පදනම්ව. යහපාලන ආණ්ඩුව එළහරකයි මීහරකයි වගේ දෙපැතත්ට ඇද ගත්ත ආණ්ඩුවක්. අපි එහෙම නෙමෙයි. අපි එක ඉලක්කයකට එක ගමනක් යන ආණ්ඩුවක්. ජනාධිපතිතුමා , අගමැතිතුමා රටේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. අපි මේ තීන්දු තීරණ ගන්නේ අපට ලැබුණු ජනවරම අනුවයි. ඒ හැටනම ලක්ෂයේ ජනවරමට පිටුපා අපි කිසිවක් කරන්නේ නෑ. විපක්ෂය විවිධ බොරු වපුරනවා. අපි කිසිසේත් එක රටක් එක නීතියක් ප්‍රතිපත්තිය බිඳ දමන්නේ නැහැ. අවුරුදු 4-5ක් තිස්සේ වැරදි පාරක ගිය රටක් නිවැරදි පාරකට යොමු කර ගැනීම පහසු නැහැ. එය අභියෝගයක්. අපි ඒ අභියෝගය ජය ගනිමින් සිටිනවා.

යහපාලනය නිසා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටුනා. ජනාධිපතිතුමා බලයට පත්වෙලා වැටුන ආර්ථිකය නඟා සිටුවන්න මූලික පියවර ගත්තත් කොවිඩ් වසංගතයත් එක්ක ඊට බාධා මතු වුනා. අපි මේ උත්සහ කරන්නේ කොවිඩ් නිසා බිඳ වැටුණු ආර්ථිකය ගොඩ නගන්න. අපි එතනදී විශ්වාසය තබලා තියෙන්නේ ග්‍රාමීය ආර්ථිකය පදනම් කරගත් වැඩපිළිවටයි. අපි ලබන වසර තුළ මෙරටේ සෑම ග්‍රාමසේවා වසමකම, සෑම ගමකම ප්‍රමුඛතාවය අනුව සංවර්ධන වැඩ ආරම්භ කරනවා. යහපාලනය මුඩු බිමක් කල රට නැවත වැඩබිමක් බවට පත් කරනවා. ”

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ආණ්ඩුව හැමවිටම ජනතා අපේක්ෂාවන්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා - ඇමති ප්‍රසන්න රණතුංග
ආණ්ඩුව හැමවිටම ජනතා අපේක්ෂාවන්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා - ඇමති ප්‍රසන්න රණතුංග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMP4sRwEK4g71GzWiO_XrZSOAFKCxf_Ly31-wnr2EZVxNfJ3ySVKHNtwM-I47R1Zj5ahyhyphenhyphenWoUNDWZMvtHcfMyx0B09VuKq92FbwSDrQJXdgUGhuDDLF9oacnTTuKIorwe6Oabpu-BPRk/s16000/Image-Top-Layout+%25281%2529+%252826%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMP4sRwEK4g71GzWiO_XrZSOAFKCxf_Ly31-wnr2EZVxNfJ3ySVKHNtwM-I47R1Zj5ahyhyphenhyphenWoUNDWZMvtHcfMyx0B09VuKq92FbwSDrQJXdgUGhuDDLF9oacnTTuKIorwe6Oabpu-BPRk/s72-c/Image-Top-Layout+%25281%2529+%252826%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/Government-public-security-Prasanna-Ranatunga.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/Government-public-security-Prasanna-Ranatunga.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content