ඔවුන් kandy tuskers කණ්ඩායම පරදා කඩුලු 07 ක ජයක් හිමි කරගත්තා.
පළමුව පන්දුවට පහර දුන් kandy tuskers ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 තුල ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 105ක් පමණයි.
එහිදී kandy tuskers පිළ වෙනුවෙන් මහමදුල්ලා ගුර්බාස් පන්දු 21කදී ලකුණු 34ක් රැස් කළා.
අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට ලඟා වීමට colombo kings පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.
පසුව colombo kings කණ්ඩායම පන්දුවාර 20 තුල හිමිවූ ඉලක්කය 106ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියා.
ඒ අනුව එම ඉලක්කය පන්දුවාර 14යි පන්දු එකකදී පසුකර යන්නට ඔවුන් සමත්වුණා.
එහිදී colombo kings කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ අශාන් ප්‍රියන්ජන් අර්ධ ශතක සබඳතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 35ක් සහ අශාන් ප්‍රියන්ජන් ලකුණු 26ක් රැස් කළා.
මෙම තරගයේ වීරයා දුෂ්මන්ත චමීර.




