ගතවු පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රිය අනතුරැ රැසක් වාර්තා වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළා.
ඊයේ (30) උදෑසන අවිස්සාවේල්ල පහේ කනුව ප්‍රදේශයේ දී ලොරි රථයක් පසුපසට ධාවනය කිරීමේදී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගියා. අනතුරෙන් මිය ගියේ වයස අවුරුදු 63ක් වන යටිපව්ව, කරදන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
ඊයේ (30) උදෑසන මාතර කතරගම මාර්ගයේ රන්න බස් නැවතුම්පොළ අසල තිස්සමහාරාම දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රන්න බස් නැවතුමේ මගින් බැස්වීමට නතර කිරීමට යාමේදී බස් නැවතුමේ සිටි පුද්ගලයෙකුගේ ගැටී සිදු වූ අනතුරකින් එම පුද්ගලයා රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 76 වන දංකැටිය, තංගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. බස් රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
ඊයේ (30) සවස කොළඹ මීගමුව මාර්ගයේ අඩි 20 හන්දියේ දී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවට ගමන් කළ පා පැදියක ගැටී සිදු වු අනතුරකින් පාපැදිකරු රෝහල් ගත කිරීමේදී කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මහබාගේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඊයේ (30) රාත්‍රියේ දී මිද්දෙණිය ඇඹිලිපිටිය මාර්ගයේ තෝරකොලයාය ඇඟලුම් කම්හල අසල දී ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ කැබ් රථයක මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයකු ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක මුරුන්ගස්යාය, මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඊයේ (30) රාත්‍රියේ එප්පාවල ඇඳගල මංසන්ධියේ දී ලොරි රථයක් පසුපසට ධාවනය කිරීමේදී ඇඳගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් ලොරි රථයේ ගැටී සිදු සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 වන නබඩවැව, එප්පාවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
අද(1) අළුයම අලූයම මඩකලපුව හබරණ මාර්ගයේ කදුරුවෙල නගරයේ දී මනංම්පිටිය දෙසට ධාවනය වූ ටිපර් රථයක පොළොන්නරුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු සහ එම යතුරු පැදියේ පසුපස ගමන් ගත් අනෙක් පුද්ගලයා මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයන් දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත ශරීර පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




