එළඹෙන උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සෑම පවුලක් සඳහාම සහන පොලියට මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මසකට රුපියල් 50,000 වැඩි වැටුපක් හෝ ආදායමක් ලබන පුද්ගලයින්ට රුපියල් 50,000 ණයක් ගැනීමට හැකියාව පවතින අතර මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ රුපියල් 50,000 ක් අතර පිරිසට රුපියල් 25,000 ක ණයක් ක් ලබාදීමට නියමිතයි. එමෙන්ම මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 අඩු නම් රුපියල් 10000 ක ණය මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ණය ලබාදීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමුර්ධි බැංකුව මගින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. අදාල ණය මුදල් ලබා ගැනීම සඳහා කැමති රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයන් ඒ බව තම ප්‍රධානීන්ට දැනුම් දිය යුතු අතර ආයතන ප්‍රධානියා තම සේවකයාගේ සහතික කළ නාමලේඛනය සේවා ස්ථානය අසල රාජ්‍ය බැංකුව වෙත ලබා දීමෙන් අනතුරුව අදාළ ණය මුදල් සේවකයන්ගේ ගිණුම් වෙත බැර කෙරෙනු ඇතියි. ණය මුදල් මාස දහයක් ඇතුළත ගෙවා නිම කළ යුතු අතර අය කෙරෙන මාසික පොළිය 0.625% කි.
ත්‍රීරෝද රථ, පාසැල් වෑන්, බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයටද සිය බැංකු ගිණුම් පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල් ඉල්ලුම් කිරීමට හැකියාව පවතිනවා. මෙම කාණ්ඩයන්ට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරත වූවන්ට ද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කළ හැකි බවද බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා.