හෙට (දෙසැම්බර් 28) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අතර හෙට උදෑසන 5.00 සිට අලුතින් හුදකලා කෙරෙන ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ පිළිබඳවද එහි දක්වා තිබේ.
එම විස්තර පහතින්,
කොළඹ දිස්ත්‍රික්කය
හෙට (28) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ,
- වේල්ලවීදිය පොලිස් වසම
- කෙසෙල්වත්ත පොලිස් වසම
- මරදාන පොලිස් වසම
- කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
- කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසම
- වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස
- බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත
- වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය
හෙට (28) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ,
- කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාමනිලධාරී වසම
- කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසම




