සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවලිය ලැබූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරණ අසිරිමත් නත්තල් දිනය අදට යෙදී තිබේ.
ලොව පුරා කිතුණු බැතිමතුන් පවතින කෙරෝනා අවදානම මධ්‍යයේ නත්තල් දිනය සැමරීම සිදු කරයි.
නත්තල්දා රාත්‍රී දේව මෙහෙය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කදාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පැවැත්විණි.
අති උතුම් ශුද්දෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර් බැසිලිකාවේදී පවත්වනු ලැබූ අතර ලොව පුරා මිලියන සංඛ්‍යාත කිතුණු බැතිමතුන් ඒ් සඳහා පාප්වහන්සේ සමඟ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ එක් වී සිටියහ.














