බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමක තනතුරට බඳවා ගැනීම සඳහා වූ අවසන් සම්මුඛ පරික්ෂණය මෙම 28 ,29,30 දිනයන්හිදී පැවැත්වීමට එම දෙපාතර්මේන්තුව කටයුතු යොදා තිබේ.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අදාල යෝග්‍යතා ඇගයිමේ සම්මුඛ පරික්ෂණ කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැරව පැවැත්වෙන අතර එම පරික්ෂණ ගම්පහ -ශ්‍රී බෝධි ක්‍රීඩා සංකීර්ණයේදීත්, පල්ලේකැලේ එලිමහන් සිර කඳවුරේදීත්, පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදීත් ,වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේදීත්,අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩා සංකීර්ණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව ,අයදුම් කරුවන් වෙත සෞඛ්‍ය උපදෙස් සහ ඔවුන්ගේ සම්මුඛ පරික්ෂන පැවැත්වෙන විස්තර මේ වනවිට prisons.gov.lk වෙබ් අඩවියේ පළ කර තිබේ.
මේ වන තෙක් කැඳවීම් ලිපි ලැබී නොමැති අයදුම් කරුවන් වේ නම් ඉහත වෙබ්අඩවියට පිවිස තම තොරතුරු ඇතුලත් දැයි විමසා,ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයට සුදුසුකම් ලබා ඇත්නම් එහි සඳහන් උපදෙස් පරිදි අදාල සම්මුඛ පරික්ෂණය මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් වන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.




