උතුරු පළාත නාවික කේන්ද්‍රස්ථානයක් ලෙසින් දියුණු කිරීම වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් හි වෙළද නාවික ලේකම් කාර්‍යාලයේ උප ශාඛාවක් පිහිටුවීම ඊයේ (23) දින වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රොහිත අබේගුණවර්ධන ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙමගින් යාපනය දිස්ත්‍රික්කයේ නාවික ක්ෂේත්‍රයේ නියලෙන ජනතාවගේ ලියාපදිංචිය ඇතුලු සියලු රාජ්‍ය සේවා කටයුතු කඩිනමින් සිදු කරලීමට අවකාශය ලැබීම තුලින් විධිමත් නියාමනයක් හා සුරක්ෂිත භාවයකින් හෙබි සංවර්ධිත නාවික ක්ෂේත්‍රයක් රටට දායාද කිරීමේ අවකාශය සැලසෙයි.
මෙම අවස්ථාවට ධීවර ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මැතිතුමන්, වෙළද නාවික ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තුමන්, යාපනය දිස්ත්‍රික් ලේකම් තුමන් හා අනෙකුත් රාජ්‍ය නිළධාරීන්ද, මාගේ පෞද්ගලික කාර්‍ය් මණ්ඩල සාමාජිකයින්ද සහභාගී විය.






