රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට ඇතුලු 14 දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සදහන් කළා.
වෛද්‍යවරු ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගෙන ඊයේ (29) රත්නපුර ශීක්‍ෂණ රෝහලේ කළ අහඹු පී.සී.ආර් පරීක්‍ෂණයක දී මෙම තොරතුරු අනාවරණය වූ බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය රත්නපුර මහ රෝහලේ සෙසු කටයුතු වලට කිසිදු බාධාවක් නොවන බවත් කී පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා ආසාදිත වූ සියලූ දෙනා වෙන්කර අවශ්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට උපදෙස් දුන් බව ද ඒ නිසා මහජනතාව අනියත බියක් ඇතිකර නොගයුතු බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.




