තුල්හිරිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සිදුකල අහඹු පීPCR පරීක්ෂණවලදී ආසාදිතයන් 49 දෙනෙකු හඳුනාගත් බව කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
මේ අතර මාතලේ මහ රෝහලේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් පුද්ගලයින් 05 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
බාහිර ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 03 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
වාට්ටු අංක 07 සහ 09 ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් අහඹු ලෙස ඊයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් එම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.




