මේ මොහොතේ රටට අවශ්‍ය පක්ෂ දේශපාලනයක් නොව පවතින අර්බුදයන්ට විසඳුමක් බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
රට තුළ පවතින අර්බුද හමුවේ හදවතින් කල්පනා කල්පනා කර තීරණයක් ගත්තද ගත්තද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් විය යුතුයි යන ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම තමා සහ මනුෂ නානායක්කාර අමාත්‍ය ධුර භාර ගත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යෙන් ගෙන ඒමට පොරොන්දු වූ නිසා බව අද (20) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එළැඹෙන මාස තුන ඇතුළත නිසි පරිදි කටයුතු කිරීමට නොහැකි වුවහොත් හෝ බැසිල් රාජපක්ෂ කකුලෙන් ඇදීමක් සිදු කළහොත් ස්වාධීනව කටයුතු කරන බවයි.
එසේම තමා කිසිසේත් සමගි ජන බලවේගය අතහැර නොමැති අතර තමාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන්නේ නම් එහිදී ප්‍රකාශ කිරීමට බොහෝ දේ ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




