බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන්ට අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට ලක්කිරීමේ දී ඊයේ (27) කොවිඩ් ආසාදිතයන් 05ක් හඳුනා ගත් බව පොලීසිය සඳහන් කරනවා.
එසේම මේ දක්වා එම පරීක්ෂණවලදී 54 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 280 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
18 වැනිදා සිට මේ දක්වා පුද්ගලයින් 8600ක් පමණ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඊයේ දිනයේදී පුද්ගලයින් 1100ක් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමුකර තිබේ.
බස්නාහිර පළාතෙන් පිටවන අයට සිදුකරන ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.




