අවදානම් කලාපවල සේවය කරන ගුරුවරුන්ට ද කොවිඩ්
-19 එන්නත පළමු අදියරේ
දී ලබාදෙන ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය රජයෙන් ඉල්ලීමක්
කර
තිබේ.
එහි ලේකම් සංකර් මනිවන්නන් මහතා සඳහන්
කරන්නේ කොවිඩ් අවදානම නොතකා ගුරුවරුන් සේවය කරමින් ඇති බවයි.
හැටන් ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය , "එන්නත්කරණය පළමුවෙන්
සෞඛ්‍ය අංශවලට ලබාදෙන එක හොඳ දෙයක්. ඒ වගේම කොවිඩ් -19 වෛරසය ළමුන් අතරත් ගුරුවරුන් අතරත් පැතිර
යන්න පුළුවන්. දැනටමත් සමහර පාසල්වල ගුරුවරුන්ට වෛරසය හැදිලා තියෙනවා. සමහර
ගුරුවරු නිරෝධායනය වෙනවා. විශේෂයෙන් වතුකරයේ දැඩි අවදානම් තත්ත්වයක් තියෙන්නෙ. ඒ
නිසයි අපි රජයෙන් මේ ඉල්ලීම කරන්නේ."




