නායකත්වය ඇතුළු අපේක්ෂිත ප්‍රතිසංස්කරණ
ඉටු නොවීම හේතුවෙන් තමන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුර භාර නොගත් බව
නවීන් දිසානායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සභාපතිවරයෙකු
ලෙස පත්කෙරුණු අර්ජුන රණතුංග මහතා සමග අද (28)
පැවති
මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා
“මම
තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. පක්ෂයෙන් ඉවත් වෙන්නේ නෑ. එක්සත්
ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මාව
පත්කරත් මම එය භාර ගත්තේ නෑ. පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු අපේක්ෂිත මට්ටමින් සිදු
නොවීම තමයි එයට හේතුව,"
මාධ්‍ය හමුවට එක්ව සිටි අර්ජුන රණතුංග මහතා තම අදහස් මෙසේ පැවසීය.
"මමත් තීරණයක් ගත්තා.
මට ලබාදීලා තිබුණා ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය. තනතුරු බලාගෙන මම දේශපාලනය කරන්නේ නෑ.
මම තාමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්.
මම ඉදිරියේදී තීරණය කරනවා. මම කොයි විදිහට ද දේශපාලනය කරන්නේ කියලා,"




