එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මෙෂෙල් බැච්ලර්
විසින් ශ්‍රී ලංකාවේ රණවිරුවන් සම්බන්ධයෙන් සහ
කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය කිරිම පිළිබඳව රජය ගත් තීරණය විවේචනය කිරිමට තමන් විරෝධය පළකරන බව දේශප්‍රේමි ජාතික සංවිධානය කියාසිටියි.
එහි ලේකම් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කලේ,රණවිරුවන්ට එරෙහිව කරනු ලබන යුධ අපරාධ චෝදනාත් , කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව විශේෂ වාර්තාකරුවන්ගේ වාර්තාවත් එක හා සමාන කිසිදු සාක්ෂ්‍යම පදනමක් නොමැති ගොතන ලද ප්‍රබන්ධයක් බවයි
එම ප්‍රකාශයට එරෙහිව අද කොළඹ එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්‍යාලයට ලිපියක් භාරීමෙන් අනතුරුව ලේකම්වරයා මේබව පැවසීය
වැඩිදුරටත් අදහස් දක්වමින් නුවන් බැල්ලන්තුඩාව
මහතා ප්‍රකාශ කලේ මානව හිමිකම් කොමිසම
රණවිරුවන්ගේ නිර්දෝෂිභාවය වෙනුවෙන් කරුණු සහිතව ඉදිරිපත් කරන ලද විරුවන්ගේ
විත්තිවාචකය මෙන්ම ආදාහනය සම්බන්ධයෙන් ඉදිරිපත් කල
රජය පත් කල විශේඥ කමිටුවේ වාර්තාවද සැලකිල්ලට ගෙන නොමැති බවයි.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලධර්ම උල්ලංඝනය කරමින් ස්වෛරි රාජ්‍යයන්ගේ
අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට අන්තවාදි බලවේග මානව හිමිකම් කොමිසම වෛශ්‍යා
වෘත්තියේ යොදවා ඇතැයි ඔහු චෝදනා කලේය.
රාජ්‍යයන්ගේ නිදහස් ස්වාධිපත්‍යයට ගරු කල නොහැකි නම් නිහඬව
සිටින ලෙස රටක් හැටියට අප ඉල්ලා සිටිනවා ඔහු ප්‍රකාශ කලේය.
බාරදුන් ලිපිය පහතින්.






