පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා යොදා ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන්න - ජනපති උපදෙස් දෙයි.

 


පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවි, වන සංරක්ෂණ, පරිසර, ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා  උපදෙස් දී තිබේ.

පවතින ගැටළු නිරාකරණය කරමින් නව නීති කඩිනමින් සැකසේ. වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය  ආයතන සමග නඩු කියමින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසනු පිණිස මේ තීරණයට එළැඹිණ.

ගැටළු නිරාකරණය කොට අවසන් වරට සැකසූ ඔප්පු 17,000කට තමා ඊයේ වන විට අත්සන් තබා ඇතැයි රාජපක්ෂ මැතිතුමා පවසයි.

අද (30) පෙරවරුවේ මොණරාගල දිස්ත්රික්කයේ තණමල්විල, අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගී වීමට තණමල්විල ප්‍රදේශයට ගිය ජනාධිපතිතුමා කොටවෙහෙර මංකඩ මහා විද්‍යාල භූමියට රැස්ව සිටි පාසල් සිසුන් හා ගම්මුන් සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටළු විමසා බැලීය.

සිසුන්ගේ ඉල්ලීම පරිදි කොටවෙහෙර මංකඩ මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනය සංවර්ධනය හෙට (31) සිටම ආරම්භ කිරීමට ජනාධිපතිවරයා යුද හමුදාවට උපදෙස් දුන්නේය. විද්‍යාලයේ ශ්‍රවණාගාරය ඉදිකරදීමට ද ජනාධිපතිවරයා අවධානය යොමු විය.

මොණරාගල නගරයේ සිට කි.මි 100ක් පමණ දුරින් වූ අලුත්වැව “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහන සඳහා තෝරාගෙන තිබිණ.

අලුත්වැව ගම්මානය කොටවෙහෙර මංකඩ, වැල්ලවාය, හම්බෙගමුව, වලවේ ගඟ, කණ්ඩියපිට වැව යන ග්‍රාමයන්ට මායිම්ව පිහිටා තිබේ. දලුක්ගල, කොරටුවැව, කිලිම්බුන්න, මිල්ලගල, දහයියාගල, නෑබඩපැලැස්ස සහ පොකුණුතැන්න අලුත්වැව ග්‍රාමසේවා වසමට අයත්ය.







ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒ්කකය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා යොදා ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන්න - ජනපති උපදෙස් දෙයි.
පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා යොදා ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන්න - ජනපති උපදෙස් දෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRk0Mtstfv-uNVurqiwvYv27H9vk4FXz928vsdskfOXOorzgfI0CTIK6UJkig38rkwPf7D4GslBote3Q1qlptxji0rhQmjRgf8SHtYqk3KtxqTU5Qj7YUeYKUV3vHj-xx7gsrzQ8Y0q0eM/s16000/144962710_1833255323506441_5963645845242701742_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRk0Mtstfv-uNVurqiwvYv27H9vk4FXz928vsdskfOXOorzgfI0CTIK6UJkig38rkwPf7D4GslBote3Q1qlptxji0rhQmjRgf8SHtYqk3KtxqTU5Qj7YUeYKUV3vHj-xx7gsrzQ8Y0q0eM/s72-c/144962710_1833255323506441_5963645845242701742_o.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/30-gamasamagapilisadara8-president-thanamalwila.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/30-gamasamagapilisadara8-president-thanamalwila.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content