ජනාධිපතිවරණ සමයේ ආණ්ඩුව කිව්වේ එක බිම්
අඟලක් වත් පිටරටට නොදෙන බව වුවත් දැන් ආණ්ඩුව ගජරාමෙට රටේ ජාතික සම්පත් පිටරට විකුණා
දමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාව අන්ත අසරණ වී ඇති මොහොතක, රටේ දූ දරුවන් අධ්යාපනය ලබා ගන්නට නොහැකි වාතාවරණයක සිරගත වී සිටින මොහොතක ආණ්ඩුව විදේශයන්ගෙන් ණය අරගෙන කුළුණු හදන බවත් මේ හරහා රටේ ආර්ථික සංවර්ධනය සිදු වන්නේ කෙසේදැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවත් මහතා පැවසීය
අද (30) මොණරාගල වැල්ලවාය ඇතිලිවැව "සත්කාරය" ජංගම සේවයට සහභාගිවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිලිවැව ඩී එස් සේනානායකගම වාපිකාරාමයට ගොස් එහි විහාරාධිපති පූජ්යපාද ඇතිලිවැව නාලක හිමි බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.
අනතුරුව එම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කළ අතර එහිදී සංවාදශීලී ජනහමුවක් ද පැවැත්විණි.




