මේ වනවිට අපේ රටේ ලක්ෂ 42 ක් පමණ පාසල් දරුවන් සිටිනබවත්,හිටපු
අධ්‍යාපන අමාත්‍යවරයාලෙස තමන් දරුවන්ගේ වටිනාකම හොදින්ම දන්නා බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මෙරටට ලැබුණ කොවිඩ් එන්නත ලබාදීමේදී, පාසල්
පද්ධතියටත් ප්‍රමුඛස්ථානයක් ලබාදෙන ලෙස තමන් ජනාධිපති ලේකම් ලලිත්වීරතුංග ඉල්ලීමක් කළ බවත්
ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ
පසුගියදා මාතර
දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ පැවති ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රමයක් ජනතා
අයිතියට පත්කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින්.
එලෙසම ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි අංශයන්ටත් විදුලි
බලාගාර ආශ්‍රිත සේවයන්ටත් ප්‍රමුඛස්ථානයක් ලබාදීම රජයේ වැදගත් පියවරක් බවත් අමාත්‍යවරයා
පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ දරුවන්ගේ දෙනෙත් පාදන ගුරු පරපුර ගැනත් අපි සැලකිළිමත් වියයුතු බවත් මෙවර සාමාන්‍ය පෙළ සදහා ඉදිරිපත් වන දරුවන්ටත් මෙම එන්නත ලබාදීමේදී ප්‍රමුඛස්ථානයක් දිය යුතු බවත්ය.
එසේම සමස්ත ලෝකයම රුදුරු කොවිඩ් මාරයා වෙලාගෙන සිටිද්දී ලෝකයේ රටවල් අතරින් කොවිඩ් 19 වසංගත තත්ත්වය කළමනාකරණය කළ හොඳම රටවල් 10 අතරට අද ලංකාව පැමිණ ඇති බවත් පැවසූ අලහප්පෙරුම මහතා එහි ප්‍රධාන ගෞරවය ජනාධිපතිතුමාට ලබාදිය යුතු බවද කියා සිටියේය.




