ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි බල ප්‍රදේශයට අයත් තුඩැල්ල පිහිටි මාළු අපනයන සැකසුම් මධ්‍යස්ථානයකින් කොවිඩ් 19 ආසාධිතයන් 88 දෙනකු අද 31 දා හදුනාගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.
මෙම ආයතනයේ සේවකයන් 25 දෙනකු පමණ ඒකල කොටුගොඩ ප්‍රදේශයේදී නිරෝධායන නීති උල්ලංගනය කරමින් සාදයක් පවත්වා ඇති බවටද කරුණු අනාවරණය වු බව විජේසිංහ මහතා පවසා සිටියහ .
ප්‍රථමයෙන් එම පිරිසට රෝග ලක්ෂණ පහල වී ඇති අතර පසුව කරනු ලැබූ PCR පරීක්ෂණයේදී ආදාල රෝගීන් හදුනාගෙන ඇත. රෝගීන් මේ වනවිට රෝහල් ගත කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔවුන්ගේ ආශ්‍රතයන් ස්වයං නිරෝධායනයට ලක් කර අදාල ආයතනය විශබීජ හරණයට ලක් කල බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පැවසීය.




