ප්ලාස්ටික් නියාමනයට අදාළව ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර ඇත.
ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නියාමනයන් සිදුකර කර තිබේ
ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර තිබේ.
අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඒ බව දැනුම් දී ඇත.
ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම හැර සෙසු දෑ පාවිච්චි කිරීම තහනම් කර තිබේ.
1. ශුද්ධ පරිමාව මි.ලී 20ට
/ ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ
(Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම්
කිරීමට භාවිත කිරීම සඳහා හැර)
2.හුළංවලින් පිරවිය හැකි
සෙල්ලම් බඩු - (බැලුන්, බෝල, දිය
මත පාවෙන/ පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර)
3.ප්ලාස්ටික් කූර (Stem) සහිත
කෝන් බඩ්ස් (cotton buds) (වෛද්‍ය / සායනික ප්‍රතිකාර
සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර )අනෙකුත් දෑ පාවිච්චි කිරීම තහනම් වේ.






