පක්ෂය නැවත බලගැන්වීම සඳහා එක්සත් ජාතික
පක්ෂයේ ස්වෙච්චා ක්‍රියාකාරීන් දිස්ත්‍රික්
මට්ටමින් සංචාරය කරමින් ජනතා ගැටළු අවබෝධ කරගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක මේ වැඩසටහන පසුගියදා මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක තුල ක්‍රියාත්මක කරන ලදී.
වැඩසටහන ආරම්භ කෙරුණේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කිරිවෙහෙර රජමහා විහාරාධිපති සහ භාරකාර ශාස්ත්‍රවේදි පූජ්‍ය කොබවක ධම්මින්ද නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.
උන්වහන්සේ වෙත කරුණු පැහැදිලි කරමින්, එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ස්වෙච්චා ක්‍රියාකාරීන් කඩා වැටී ඇති ආර්ථිකය යලි ශක්තිමත් කල හැක්කේ රනිල් වික්‍රමසිංහ මහාතාට සහ තම පක්ෂයේ ප්‍රතිපත්ති වලට පමණක් බව අවධාරණය කරන ලදී.
ආර්ථික නිදහස් අරගලය ජයගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ පොදු වැඩපිළිවෙල සඳහා ජනතාවගේ සහයෝගය ලබා ගැනීම සඳහා පාට පක්ෂ බේදයකින් තොරව ආර්ථිකය නිදහස් කරගැනීමේ සටනට කසාවතේ බල මහිමය සහ සහයෝගය ලබාදෙන මෙන් නාහිමියන්ගෙන් ඔවුන් ඉල්ලීමක් ද කරන ලදී.
කිරිවෙහෙර වැඳපුදා ගැනීමෙන් පසු රුහුණු කතරගම මහා දේවාලයේ පැවති ආශිර්වාද පූජාවකටද ඔවුහු සහභාගි වූහ.





