හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු,එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන්දෙ දෙනෙකු සහ සේවිකායන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුලම ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා.
ඒ එම නේවාසිකාගාරයේ රෝගි ලක්ෂණ මතු වු සිසුවියන් දෙදෙනෙකු (20) දින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි. හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා මේ බව සඳහන් කළා.
එම පාසලේ 10 ඒ සහ 11 ඒ වසර වල අධයාපනය ලබන සිසුවියන් දෙදෙනෙකු මෙළෙස රෝහල්ගත කරනු ලැබුවා.
ඉන් එක් සිසුවියකට මීට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වී සුව වු සිසුවියක් බවත්, එම සිසුවිය මොරටුව ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.